2025 ජූනි 21 සෙනසුරාදා, 15:37
නවතම පුවත්

කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදයන හෙට (26) පස්වරු 04:00 දක්වා පැය 24 කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය අද (25) උදෑසන මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.

එම පද්ධතිය අද පෙ.ව 1130 පමණ වනවිට ත්‍රිකුණාමලය කී.මී. 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබේ.

එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.

උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව, අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයැමේ අනතුරු ඇගවිමේ නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයයේ හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස පළවෙනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයත් නිකුත් කර තිබේ.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories