මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට ඊයේ (18) රාත්‍රී 7ට පමණ වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර එමෙන්ම වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 38ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක්ය.
මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇත.
සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙන අතරම
මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.