මෙටා ආයතන ප්‍රධානී, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඔහුගේ ආදරණීය බිරිඳ වන ‘ප්‍රසිලා චෑන්’ වෙනුවෙන් ප්‍රතිමාවක් ඉදිකර ඇත. එම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ ඇමරිකාවේ නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන ඩැනියෙල් අර්ශාම් විසින්. ඔහු විසින් එය ‘රෝම සම්ප්‍රදාය නැවතත් – බිරිඳ වෙනුවෙන් මූර්තියක්’ යන ශීර්ෂ පාඨයත් සමග සමාජ මාධ්‍ය ගිණුම් වල ප්‍රසිද්ධ කර ඇත.