2025 ජූනි 21 සෙනසුරාදා, 13:34
නවතම පුවත්

විකුණන්න ගිය මිල්කෝ බිලියන 2ක වාර්තාගත අලෙවියක් වාර්තා කරයි

දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 2ක මාසික විකුණුම් ඉලක්කයක් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ පවසා ඇත්තේ මෙය මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආදායම සනිටුහන් කරන බවයි.

කෙසේවෙතත්, දැනට මිල්කෝ සමාගමට රුපියල් මිලියන 240ක වාර්ෂික පොලී ගෙවීමක් සමඟ රුපියල් බිලියන 1.8ක හිඟ බැංකු ණයක් ඇති බව වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.“නව රජය බලයට පත්වී මාසයක් ඇතුළත මෙම ඉලක්කයට පැමිණීම සාධනීය ජයග්‍රහණයක්. පසුගිය රජය මිල්කෝ සමාගම දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් අලෙවි කිරීමට තීරණය කර තිබියදී නව රජය එය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

මේ අතර කිරි ගොවීන්ට සති දෙකක ගෙවීම් ප්‍රමාදයක් පැවතීම, අභ්‍යන්තර විගණන අංශය වසර ගණනාවක් අක්‍රියව පැවතීම, නිසි විගණනයක් සහ ගිණුම් සත්‍යාපනයක් නොමැතිකම වැනි අයහපත් මූල්‍ය තත්ත්වයන් මධ්‍යයේ ආදායම් ඉලක්කය සපුරා ගත් බව මිල්කෝ හි වත්මන් සභාපති හේමජීව ගෝඨාභය පවසයි.

මිල්කෝ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ඔහු මිල්කෝ නිෂ්පාදන රට පුරා සිටින පාරිභෝගිකයන් වෙත ලබාදීමට සැලසුම් කරමින් සිටින බවද පවසා තිබේ.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ලංකාවට ස්වයංක්‍රීය දොරවල් සහිත AC කෝච්චි 5ක්
ශ්‍රී ලංකාවට ස්වයංක්‍රීයව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories