මෙරට ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් කිසිදු අයෙකු නොලැබූ දැවැන්තම ත්‍යාගය හිමි කර ගනිමින්, ඊයේ (ජූනි 16) දින ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් ඇදීම නව වාර්තාවක් තබා ඇත.
ගොකරැල්ලේ පිහිටි ලොතරැයි අලෙවි නියෝජිතවරියක් වන එච්.ඒ. ජානකී හේමමාලා මහත්මිය විසින් අලෙවි කරන ලද ටිකට් පතකට, රුපියල් 474,599,422 ක සුවිශේෂී සුපිරි ත්‍යාගය හිමි වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ වාර්තා වූ විශාලතම තනි ත්‍යාගය ලෙස සටහන් වේ.
මීට පෙර මෙගා පවර් ලොතරැයිය රුපියල් මිලියන 230 ක සුපිරි ත්‍යාගයක් ලබා දෙමින් වාර්තාවක් තබා තිබුණද, මෙම නවතම ජයග්‍රහණය එම වාර්තාව දෙගුණයකටත් වඩා ඉක්මවා යමින් නව ඉතිහාසයක් නිර්මාණය කර ඇත.