නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත්කිරීම සඳහා සිදු කරන ලද ශල්‍යකර්ම සඳහා යොදාගන්නා ලද බාල ඖෂධ හේතුවෙන් අන්ධ භාවයට පත් වූ නුවර එළිය, වැලිමඩ ආශ්‍රිත ප්‍රදේශවල රෝගීන් විසින් දිසා අධිකරණයේදී වන්දි නඩු 03ක් ගොනු කරනු ලැබුවා.
එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම සෞඛ්‍ය ලේකම්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය ඇතුලු දොළොස් දෙනෙකු නම්කර ඇති බව සඳහන්.එම රෝගීන්ගෙන් බහුතරයක් බාල බෙහෙත් ද්‍රව්‍ය හේතුවෙන් පූර්ණ කාලීනව අන්ධභාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.එම අසාධාරණයට එරෙහිව පැමිණිලිකරුවන් තිදෙනෙකු වග උත්තරකරුවන්ට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා අධිකරණයට නඩු තුනක් යොමු කර තිබෙනවා.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් මූලිකත්වය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.