කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 49 කට ක්‍රීඩාකර ඇති, බටහිර ඉන්දීය කොදෙව් නව ටෙස්ට් නායකයා ලෙස රොස්ටන් චේස් පත් කර තිබේ.
මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා නායකයා ලෙස ක්‍රීඩාකරන පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50 වන ටෙස්ට් තරගය වනු ඇති.
රොස්ටන් චේස් අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් සඳහා කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේදීය.
ඔහු වසර දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට ක්‍රීඩාකර නොමැති අතර, එම කාලය තුළ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරග 13 කට ක්‍රීඩා කර තිබේ.
ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දීය.