පළාත් පාලන ආයතනවල පාලන බලය පිහිටුවීමේදී අනෙකුත් විරුද්ධ පක්ෂ සහාය ජාතික ජන බලවේගයට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල පරිපාලන පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට කිසිදු ගැටළුවක් ඇති නොවන බවත් හෙතෙම කියයි.