රුපියල් කෝටි 12ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක්, විදුලි උපකරණ තුළ මත්ද්‍රව්‍ය සඟවාගෙන, කටුනායක ගුවන් තොටුපොළේ ව්‍යාපාරිකයින් සඳහා වන රක්ත මාවත ඔස්සේ පිටව යාමට තැත් කිරීමේදී ඊයේ (19) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක් සහ 18 හැවිරිදි ඇගේ දියණිය ද, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රේගු නිලධාරීන් සඳහන් කළේ, අදාළ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන ඇති අතර, ඒවා වායු සමීකරණ සහ ආහාර පිසීමේ විදුලි උපකරණ 07ක් තුළ සූක්ෂමව සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ ඇති බවත්, පසුව එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි.