ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේදී මොළය පාවිච්චි කර ඇති බවත් මොළය රැගෙන ඡන්ද පොළට යන ලෙස ප්‍රකාශ කළ කොට්ටහච්චි මන්ත්‍රීවරියටද එලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.
මොළය අරගෙන නොගිය කොටසක්ද සිටින බවත්, ඔවුන් ජාතික ජන බලවේගයටම ඡන්දය ලබාදී ඇති බවත්, ඔවුන්ද ඉදිරියේදී මොළය පාවිච්චි කරන විට මාලිමාවට දීම නතර කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.