2025 ජූනි 03 අඟහරුවාදා, 05:24
නවතම පුවත්

මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරිපත් කිරීමේ කාලය අවසන්

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ නම් ලැබුණු වහාම මැයි 31 වනදා එම නම් සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

පළාත් පාලන ආයතනවල ධූර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වන දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ.
පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් පළ කළ යුතුව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැයි 27 වනදා ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවේ, තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි. පළාත් පාලන මැතිවරණය පවත්වා දින 21ක් ගත වුවද මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීමට අපොහොසත් වීම හේතුවෙන් බවද සඳහන් වේ.

තවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, සභිකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ 50% වැඩි ඡන්ද ප්‍රතිතශයක් ලබා ගත් පක්ෂය විසින් නම් කර එවනු ලැබූ පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපතිවරයාගේ නම් ද ගැසට් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියට පෙර සියලු සභිකයින්ගේ නම් අදාළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් අදාළ පළාත් පාලන ආයතනයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීයා යැවිය යුතු වේ.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories