අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය කටයුතු අද (26) සිදු කිරීමට නියමිතය .
දේහය අද පෙරවරු අටට කොළඹ හත නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමෙන් අනතුරුව පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා මහජන ගෞරවයට අවස්ථාව සලසා දීමට කටයුතු සංවිධානය කර තිබේ .
ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ කලාකරුවන්ගේ සහයෝගයෙන් බෞද්ධ ආගමික වතාවත් සිදු කිරනු ලැබේ .
අවසානයේ පස්වරු 5.45ට දේහය සියලු ආගමික වතාවත් වලින් අනතුරුව චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතය .
පුෂ්පෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිම කිරීමට නියමිතව තිබේ .