පසුගියදා බදුල්ල නගරයේදී ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරියා හා සිවිල් පුද්ගලයාව ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සහ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් ඇගයීමට ලක්කර තිබේ .
බදුල්ල නගරයේදී පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදෙමින් සිටියදී එය නැවැත්වීම සඳහා තම ජීවිතය පරදුවට තබා සිවිල් පුද්ගලයෙක් හා පොලිස් නිලධාරියෙක් කටයුතු කර තිබුණි .
ඒ අනුව මෙලෙස කටයුතු කර තිබුණේ, මහියංගන මුලික මහ රෝහලේ සේවයේ නියතු ප්‍රසන්න ශ්‍රී රසික බණ්ඩාර යාපා සහ බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවයේ නියතු P.D.D. නිලන්ත යන අයයි.