පළාත් පාලන ජයග්‍රාහකයින්ගේ 40%කගේ නම් මෙතෙක් කොමිසමට ලැබිලා නෑ
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් 40%කගේ නම් මෙතෙක් කොමිසමට ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ හේතුවෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දෙන්නේ, පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බවයි.
“ජූනි මස 2 වනදාට පෙර මේ සභාවල කාලය ආරම්භ වෙනවා. ඊට පෙර සභිකයින්ගේ නම් ගැසට් කිරීමේ වගකීම තමා සතුව තිබෙනවා. ඒ සඳහා ඔබගේ නම් ලැබීම ඉතාම වැදගත් වෙනවා. නම් ලබාගැනීමෙන් පසුව ගැසට් කරාට පසුව තමා පුළුවන්කම ලැබෙන්නේ, පළාත් කොමසාරිස්වරුන්ට 50% අඩුවෙන් ජයග්‍රහණය කළ පළාත් පාලනය ආයතන සඳහා සභාපති හෝ නියෝජ්‍ය සභාපති පත්කර ගැනීමට අදාළ මුලික කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ ඉන් අනතුරුව. නම් ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත දී පළාත් භාර කොමසාරිස්වරු මේ කාර්යභාරය කළ යුතු වෙනවා.”