කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තද සුළං කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩාවැටීම් වාර්තා වී ඇත. එසේම මෙම ගස් කඩාවැටීම් හේතුවෙන් රථවාහනවලට ද දැඩි හානි සිදුව ඇත.