ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකර තිබුණි .
එම පැමිණිල්ල විභාග කිරීම වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය ජූලි මස 23 වන දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කර තිබේ .
නිමල් සිරිපාලද සිල්වා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබිණි .
නීතිඥවරු අධිකරණයට දන්වා තිබුණේ තිලංග සුමතිපාල මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පවතින මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති බවයි .
මෙහිදී නඩුව සමථයකට පත්කර ගැනීමට දිනයක් ඉල්ලා සිටි අතර පෙත්සම නැවත ජූලි 23 වන දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ .