2025 ජූනි 03 අඟහරුවාදා, 05:28
නවතම පුවත්

ඩෙංගු , චිකන් ගුන්යා සීඝ්‍රයෙන් පැතිරෙයි දරුවන්ට ඉහළ අවදානමක්

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා , චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග බෝවිමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනුයේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවය.

ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇතැයිද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඩෙංගු මාරාන්තික බවත් චිකුන්ගන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවය.

එමෙන්ම ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වයේ වැඩි වීමක්ද මේ දිනවල දක්නට ලැබෙන බවත් දරුවන් අතර මෙම රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories