2025 ජූනි 03 අඟහරුවාදා, 05:34
නවතම පුවත්

කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් ලබන 03 වනදා දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා, අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවත් එය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිතා කර ඇති බවත්ය.
එසේම අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේ, මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්ය.

අදාළ බැංකු ගිණුම තම සේවාදායකයාට හිමි වුවද එය භාවිතා කළේ අමාත්‍යවරයාගේ දියණිය බවත් එම ගිණුමට පෞද්ගලික පාර්ශවයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව පිළිගන්නා නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බවත්, අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වන ලදි.

විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කරන ලදි. එම ඉල්ලිම නිසා කරුණු සළකා බැලූ මහසේත්‍රාත්වරිය සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories