කටුනායක වසා දමන ලද ඇඟලුම් කම්හලේ සේවකයන් සඳහා සේවය අවසන් කිරීමේ පනතේ සඳහන් මුදල ඉක්මවා යන වන්දියක් ලබාදීමට අදාල ආයතනය තීරණය කර තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.
කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, “සේවක කාල සීමා අනුව අමතර වන්දි දෙන්නත් ඔවුන් තීරණය කර තිබෙනවා. අප දිගින් දිගටම සේවක අයිතිය රකින්න මැදිහත් වෙනවා. අපි වැඩ කරන ජනතාවට වග කියන ආණ්ඩුවක් යනුවෙන් ය.