72 වන ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31දා) පස්වරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
මෙවර ලෝක රූ රැජින වීමේ අරමුණින් ලොව විවිධ රටවලින් රූප රාජිනියන් 100 අධික සංඛ්‍යාවක් තරග වදින අතර මාසයක් පුරා එක් එක් අදියර පැවැත්විණි.
මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව 40 උදෙනකු තෝරා ගැනීමට නියමිතය. ඉන් 18 දෙනකු දැනටමත් තම ස්ථානය තහවුරු කරගෙන අවසන්ය.
ඒ පසුගිය දිනවල විවිධ තේමා යටතේ පැවැත්වූ තරඟ ඉසව් ඔස්සේය.
කෙසේ නමුත් එම 18 දෙනා අතර අනුදි ගුණසේකර නොමැති අතර අද පවත්වන තරඟයේ දක්ෂතා මත ඇය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහද්වීපයකින්ම දහය දෙනකු බැගින් තෝරාගනු ලබන අතර ඉන් පහ දෙනකු තෝරාගෙන ඒ අතරින් කෙනකු මුළු ලෝකයම බලා සිටින රූ රැජින ලෙසින් අභිසස් ලැබීමට නියමිතය.
අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.