Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබේ. විශේෂත්වය වන්නේ මෙම තරග අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව අවසන් වටයට තේරීපත් වූ පළමු අවස්ථාව මෙයයි.
අනුදි ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ජයග්‍රහණය සඳහා Facebook, Instagram සහ Miss World යෙදුම යන සෑම අංශයක් සඳහාම ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබුණු සෑම like, comment සහ share එකක්ම ඉවහල් වූ බවයි.
මෙම ජයග්‍රහණයත් සමඟ අනුදි ගුණසේකර fast-track අවස්ථා තුනකම අවසන් වටයට තේරී පත්ව ඇති අතර, මේ හේතුවෙන් ඇයට Miss World තරගාවලියේ ඉහළ ස්ථානයකට පත්වීමට ඇති හැකියාව ඉහළ යනු ඇති බව පවසයි.