2025 මැයි 06 අඟහරුවාදා, 07:40
නවතම පුවත්

රන්දෙණිගල අරක්කුත් උසාවි කැඳවයි -කෝටි 135ක බදු පොලු

රුපියල් කෝටි 135 බදු නොගෙවා පැහැරහැරියේ යැයි කියන කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ හිමිකාර අධ්‍යක්ෂකවරුන්ට ලබන 17 වැනි දින අධිකරණයේ පෙනීසිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ ඊයේ (10) නියෝග කළේය.

කඩුවෙල, කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සරත් කුමාර විජේවික්‍රම, බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියකට මෙම නියෝගය නිකුත් කළේය.

2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැරහැරීමට එරෙහිව මෙම නඩුව දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් පවරා තිබිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පියුමි නැමැති අධ්‍යක්ෂකවරිය පමණක් අධිකරණයේ පෙනීසිටියාය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ රිසාඩ් අමීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියාසිටියේ වගඋත්තරකරුවන් විසින් නොගොවා පැහැරහරින ලද බදු සතියක් ඇතුළත ගෙවීමට කටයුතු කරන බවය.

කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු දක්වමින් කියාසිටියේ අදාළ බදු මුදල් ගෙවන්නේ නම් දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බදු ගෙවීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ලබන 17 දින ඉදිරිපත් කරන බවත්,එදිනට වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළේය.(ලංකාදීප)

නවතම පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

උණුසුම් පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

දේශපාලන

Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web 18 (2)
මැතිවරණ නීති කඩමින් පොලිසියට මරණ තර්ජන කළ පුද්ගලයෙක් දැලේ
මැතිවරණ නීති කඩමින්...
Web 17 (3)
ප්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප්‍රචාරක පත්‍ර බෙදූ අපේක්ෂකයාට වැඩ වරදී
ප්‍රභාකරන්ගේ රුව...
Web 13 (3)
පුංචි ඡන්දෙට හෙට සුරාසැල් වැ​සේ
පුංචි ඡන්දෙට හෙට...

Categories