ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.
ඒ අනුව ආචාර්ය තිලක් සියඹලාපිටිය ඊයේ එනම් (26)දා එම ධුරයේ වැඩ භාරගත් බවයි වාර්තා වේ.
බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු – ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයක සේවය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා කරයි.