2025 මැයි 03 සෙනසුරාදා, 23:13
නවතම පුවත්

දස වසරකට පසු අල්ලස් ගත් වරද පිළිගත් හිටපු විදුහල්පති

ගම්පහ විද්‍යාලයකට දරුවකු ඇතුළත් කිරීමේදී දුෂණයක් සිදුකරන ලදැයි වසර 10 කට පසු වරද පිළිගත් එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකුට වසර 03 ක ලිහිල් සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක නියම කළේය.

අදාළ නඩුව මෙම මස 10 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු අදාළ චෝදනාවන්ට වරද පිළිගත්තේය.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට වසර 03 ක ලිහිල් සිර දඬුවමක් නියම කළේය.

එසේම එම සිරදඬුවමට අමතරව සැකකාර හිටපු විදුහල්පතිවරයාට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් අමතර මාස 03 ක ලිහිල් සිරදඬුවමක් ද විත්තිකරුට නියම කළේය.

2015 වසරේදී පහ ශ්‍රේණිය සඳහා ගම්පහ ප්‍රාථමික විද්‍යාලයක දරුවකු ගම්පහ ප්‍රධාන විද්‍යාලයට ඇතුළත් කර ගැනී‌ම සඳහා දූෂණයක් කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. මෙම සිද්ධියේදී නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නිසි අනුමැතියකින් තොරව අදාල දරුවා පාසලට ඇතුලත් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබූ බව අල්ලස් කොමිසම දන්වා සිටියේය.

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories