රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිවසින් ආහාර ලබාගැනීමට ඉල්ලීමක් කර ඇතත් මෙට්ටයක් ඉල්ලා නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායක පැවසීය.
ඒ අනුව, දසනායක මන්ත්‍රීවරයාට නිවසින් ආහාර ලබාගැනීමට අවස්ථාව දීම හෝ නොදීම ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රධානීන් දැනුම් දෙනු ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඔහු මේ බව පැවසුවේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තමාට පැදුර වෙනුවට මෙට්ටයක් දෙන ලෙස කළ ඉල්ලීමක් ගැන පළ වූ මාධ්‍ය වාර්තා ගැන විමසීමේදී ය.
රැඳවියන්ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට බන්ධනාගාරය යනු බාධකයක් නොවන බව ත් සෞඛ්‍ය ගැටලුවකින් පීඩා විඳින රැඳවියන්ට වෛද්‍ය නිර්දේශ මත පහසුකම් ලබා දෙන බව ත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
සෞඛ්‍ය පහසුකම් යනු මානව හිමිකමක් බව ත් වෛද්‍ය නිර්දේශ මත අදාළ පහසුකම් සැපයීමට බන්ධනාගාර අධිකාරින් බැඳී සිටින බව ත් ඔහු කීවේය.
මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද සඳහන් කළේ ය.
“මෙඩිකල් කන්ඩිෂන් එකක් තියෙනවා නම් වෛද්‍ය නිර්දේශයක් අරගෙන ඒ පහසුකම් ලබා දෙනවා. සෞඛ්‍ය පහසුකම්වලට ළඟා වීමට බන්ධනාගාරය කියන එක බාධාවක් නෙමෙයි. එහෙම මොකක් හරි තියෙනවා නම් අපි වෛද්‍යවරයෙකුට යොමු කරනවා. ඒ සම්බන්ධයෙන් රැඳවියන්ගේ රෝගී තත්ත්වය පරික්ෂා කරලා එම නිර්දේශය ලැබුණ විට අපි අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා කියන්නේ මානව අයිතිවාසිකමක්. එතකොට ඕනෑ ම සිරකරුවෙකුට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් බන්ධනාගාරයෙන් ලබා දෙනවා. ඒක ශල්‍යකර්මයක්, රෝහල්ගත කිරීමක් ඒවගේ ම මෙට්ටයක් දෙන එකත් ඒ වගේ දෙයක්.”