2025 ජූනි 22 ඉරිදා, 15:36
නවතම පුවත්

ආයුර්වේද ඖෂධ හා රූපලාවණ්‍ය නිෂ්පාදනය රජයේ නියාමනයට

ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යවරයා මෙම අදහස් දැක් වූයේ, ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට […]

සති තුනකදි ඩෙංගු රෝගීන් 3,500 ඉක්මවයි

වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම මුල් සති 03 තුළදී ඩෙංගු මරණ 02 ක්ද වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,576කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 491ක් ගම්පහින් රෝගීන් 558ක් සහ […]

නිර්වින්දන වෛද්‍යවරයෙකු රිමාන්ඩ්

තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය. විත්තිකාර වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ. තීරුබදු […]

ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන්

වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙකු වාර්තා වී තිබෙනවා.ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. එම සංඛ්‍යාව 1576 ක්. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ වේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 22 ක් […]

76,000කට අලෙවි වූ පිළිකා එන්නත රුපියල් 370 දක්වා අඩුවෙලා ද ?

රුපියල් 76,000කට අලෙවි වූ පිළිකා එන්නතක් මේ වන විට රුපියල් 370 දක්වා අඩු කර ඇති බවට පළවන වාර්තා වෛද්‍ය ආරංචි මාර්ග ඔස්සේ ද තහවුරු වී ඇත. සෞඛ්‍ය අංශයේ මූලාශ්‍රවලට අනුව, 2018 දී අදාළ එන්නතෙහි උපරිම සිල්ලර මිල රුපියල් 76,000ක් වී ඇති අතර පසුව එය පසුගිය වසරේ රුපියල් 54,000 දක්වා අඩු කර තිබේ. නව රජය යටතේ, […]

මීට පස්සෙ ඉස්පිරිතාලවල උපස්ථායකලා නෑ – ඉන්නේ ‘කෙයාර්ගිවර්ස්ලා’

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (Caregiver) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත. මේ අනුව සාත්තු සේවකයන්ගේ නිල ඇඳුමට Caregiver යන ලොව පිළිගන්නා නිල ලාංඡනයද ඉදිරියේදී එක්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් […]