විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතු කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් හෙට (14) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එය පසුගිය සතියේ ඔහුගේ නිවසේ පැවති සාකච්ඡාවේම දිගුවක් බව වාර්තා වේ. එහි අරමුණ, ආණ්ඩුවට සෘජුවම අභියෝග කරන සන්ධානයක් පිහිටුවීම නොව, විපක්ෂයේ පක්ෂ අතර පොදු එකමුතුවක් […]
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට

ජනාධිපති අනුර කුමාර දිසානායක නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව සිටියි. සමුළුව ලබන සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. එහිදී ජනාධිපතිවරයා අමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට නියමිතයි. ඉන් පසු නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.එහිදී […]
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ – විජිත හේරත්

“මාධ්‍ය කියන්නෙ අද වනවිට අත්‍යවශ්‍යම හා නැතිවම බැරි දෙයක් දේශපාලනය හා මාධ්‍ය අතර අන්‍යෝන්‍ය සබඳතාවක් තියෙනවා. මාධ්‍යයෙන් තොර දේශපාලනයකුත්, දේශපාලනයෙන් තොර මාධ්‍යකුත් නැහැ. දේශපාලනයයි මාධ්‍යයි එකිනෙක පෝෂණය කර ගන්නවා”. යැයි විදේශ කටයුතු හා සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා (08) ” ගම්පහ මාධ්‍ය සංවිධානය ” පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට […]
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර ඇත. “චිචිගේ රොකට්ටුව” ලෙස සමාජගතව තිබූ සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව පිළිබඳ මේ දිනවල යළි කතා බහට ලක්ව ඇත.ඒ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ,සුප්‍රීම්සැට් ව්‍යාතියෙන් ලැබෙන් ආදායම […]
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සටන එන සතියේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි. පසුගිය සතියේ ජනාධිපතිවරයාට ලිපියක් මඟින් සිය ස්ථාවරය පෙන්වා දීමටද එම එකමුතුව කටයුතු කර ඇත. එමෙන්ම ඔවූහු මේ පිළිබඳව ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි […]
අරවින්ද සෙනරත් කෝපා කමිටු සභාපති ධූරයෙන් අස්වෙයි

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් කෝපා කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබෙනවා.
අනුර ජයසේකරට එරෙහිව විශ්වාසභංගය අද

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුර ජයසේකරට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට අද අත්සන් තැබීම ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කරන ලද අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා තේරීම් කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවකට මන්ත්‍රීවරුන් අත්සන් කරමින් සිටී.
විදුලි බල පනත අද පාර්ලිමේන්තුවට

විදුලි බල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (06) විවාදයට නියමිතව ඇත. මෙය පසුගිය 24 වෙනිදා කියවීමට යොදාගෙන තිබුනද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා මත එදින විවාදයට නොගෙන කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කටයුතු කරන ලදි.මෙම විවාදය පෙ.ව 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. විවාදය අවසානයේ ඊට අදාළ චන්ද විමසීම සිදු කිරීමට […]
අර්චුනාගේ මන්ත්‍රී ධූරයට විරෝධතා ගොනු කිරීමට දින ලබා දෙයි.

අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා දින ලබාදී තිබෙනවා. අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අදාළ පෙත්සම අද (01) කැඳවනු ලැබූ අවස්ථාවේදී, වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සමට අදාළ […]
හිටපු ඇමති චන්ද්‍රසේනට ඇප

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. 2014 වසරේදී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායී මිල ගණන් යටතේ බෙදා දීමට තිබූ රුපියල් මිලියන 25ක බඩඉරිඟු බීජ, එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී පෞද්ගලික අවශ්‍යතා මත, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව, තම හිතවතුන්ට හා ආධාරකරුවන්ට බෙදාහැරීම තුළින් […]