2025 ජූනි 21 සෙනසුරාදා, 16:34
නවතම පුවත්

ඩෙංගු අධි අවදානම් කලාප 16ක්

මේ වසරේ ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටින් ඩෙංගු රෝගීන් 5000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පවසයි. එම මාසය තුළ ඩෙංගු මරණ දෙකක්ද වාර්තා වූ බව එම ඒකකය සඳහන් කළේය. ජනවාරි මාසය අවසන් වීමට පෙර ඩෙංගු අධි අවදානම් කලාප 16ක් ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පැවසීය. ඒ […]

දැවැන්ත තෙල් පිරිපහදුවක් හම්බන්තොට හදන්නජනපති චීනයේ ‘සයිනොපෙක්’ සමග ගිවිසුමකට අත්සන් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදුවිය. ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට, ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් […]

බුද්ධශාසන ඇමැති 3500කට හජ් වන්දනාවේ යන්න චාන්ස් එක අරගෙන

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,500 දෙනකුට සෞදි අරාබියට යෑමට අවස්ථාව ලබා දී ඇති බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. සෞදි අරාබියේ හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ෆට්ටා බින් සුලෙයිමාන් මෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි යන දෙදෙනා අතර ඊට අදාළ ගිවිසුමක් අත්සන් කර ඇත. […]

මාලිමා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි යෝජනාවක්

ජාතික ජන බලවේගය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවිය කථානායකගේ ‘ආචාර්ය’ කෑල්ල හලයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය යටතේ කථානායක අශෝක සපුමල් රන්වලගේ නම ඉදිරියෙන් සටහන් කර තිබූ ‘ආචාර්ය’ යන නාමය ඉවත්කර තිබේ. මින් පෙර ‘ආචාර්ය අශෝක රන්වල’ ලෙසින් ලැයිස්තුගත කර තිබූ ඔහුගේ නම දැන් ‘අශෝක රන්වල’ ලෙසින් සටහන් කර තිබේ.

හෙට මි.මී.200ට වැඩි වැසි

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවය. මෙම පද්ධතිය අද (26) දින පෙරවරු 11.00 ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 170 ක් […]

පොලිස් ඇමැතිගේ කතාව විකෘති කළේ කවුද?

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මහවිරු සමරුව අළලා කරන ලදැයි කියන ප්‍රකාශයක් සාවාද්‍ය සහ නොමග යවනසුළු ආකාරයෙන් ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ. මහජන ආරක්ෂක සහ […]